අප ගැන

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන අරමුණ වන්නේ පරිසරය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු සහ අධ්‍යාපනය ලබා දීමයි. ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය 1984 දී පුස්තකාලයක් ස්ථාපිත කර 1993 දී ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය ලෙස නම් කරන ලද අතර එමඟින් පුස්තකාලය සංවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා තොරතුරු සේවා රැසක් ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර පුස්තකාල සංගම් සම්මේලනය (IFLA) විසින් 2020 දී "හරිත පුස්තකාල සම්මානය" සඳහා අනුශූරතාව ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය වෙත පිරිනමන ලදී.


ENSULIB (Environment, Sustainability, and Libraries) යනුවෙන් හඳුන්වන්නේ ජාත්‍යන්තර පුස්තකාල සංගම් සම්මේලනයේ (IFLA) විශේෂ කමිටුවකි. ඒ අනුව ජාත්‍යන්තර පුස්තකාල සංගම් සම්මේලනයේ හරිත පුස්තකාල සම්මාන උළෙල සඳහා රටවල් 50කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව සහභාගී වේ. මෙම වැඩසටහන සඳහා ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය 2020 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අතර එහිදී ජාත්‍යන්තර හරිත පුස්තකාල සම්මානයේ අනුශූරතාව දිනාගන්නා ලදී.


පුස්තකාල චාරිකාව




මාර්ගගත සම්පත්





පාරිසරික පර්යේෂණ සහාය



ජාත්‍යන්තර සංවිධාන



පාරිසරික ප්‍රතිපත්ති



ජාතික රතු ලැයිස්තුව



රසායනාගාර සේවා



වායු / ජල තත්ත්ව අනුක්‍රමණිකාව

අලුත් එකතුව

.